Friday, April 26, 2024

General line - 0115112241

කලු ජූලිය සමරන්න උතුරට ස්විට්සර්ලන්තයෙන් අධාර

දිනසේන රතුගමගේ




උතුරේ ඇතැම් කණ්ඩායම් විසින් සංවිධාන කරන කලූ ජූලිය සැමරුම් සඳහා ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධාන කිහිපයක්ද ආධාර ලබාදෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ලබන 23 වනදා මෙම සැමරුම් සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කලූ ජූලිය සැමරීම සඳහා එක්වන ලෙස ආරාධනා කරමින් දැන් දින කිහිපයක සිට උතුරු පළාතේ අත් පත‍්‍රිකා ද බෙදා හැරෙමින් තිබෙනවා. ඇතැම් ස්ථානවල පෝස්ටර් ද අලවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර ඉකුත් මැයි මස 18 වනදා යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සමරමින් උතුරේ කෙරුණු ක‍්‍රියාකාරකම් සඳහා ද ස්විස්ටර්ලන්ත සංවිධාන ආධාර ලබාදී ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණා. රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් ඔවුන් එලෙස ආධාර ලෙස ලබාදී ඇති බවයි පැවසෙන්නේ. නොවැම්බර් මස පැවැත්වෙන මහවිරු සතිය සඳහා ද මෙම ස්විස්ටර්ලන්ත සංවිධාන ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.