Friday, April 26, 2024

General line - 0115112241

වධක තනතුරට අයදුම්පත් 8ක් - ස්වේච්ඡාවෙන් වැඩ කරන්න එකම ගමේ තරුණයින් 05ක් කැමතියිලු

නිශාන් ද සිල්වා




වධක තනතුර සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවීමටත් පෙර ඒ සඳහා අයදුම්පත් 08ක් ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා. විධිමත් පටිපාටිය යටතේ රාජ්‍ය සේවයේ තනතුරක් යටතේ අයදුම්පත් කැඳවීම ගැසට් නිවේදනයක් මගින් සිදු කළ යුතුයි. එහෙත් වධක තනතුර සඳහා එවැනි අයදුම්පත් කැඳවීමක් මෙතෙක් සිදු කර නැහැ. වධක තනතුර සඳහා තැනැත්තන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයට බඳවා ගැනීමට අපේක්ෂා කරන බවට වාචික ප‍්‍රකාශයක් පමණක් මීට පෙර සිදු කෙරුණා. පුද්ගලයින් 08 දෙනෙකු වධක තනතුර සඳහා දැනටමත් අයදුම්පත් එවා ඇත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් එම අයදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට සිදු වනු ඇතැයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර හලාවත ප‍්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් ඉකුත්දා ප‍්‍රකාශ කළේ වැටුප් නොමැතිව වුවද වධක තනතුර භාරගැනීමට සූදානම් බවයි. අනුරාධපුර මහවිලච්චිය ප‍්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු ද වධක තනතුර භාරගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිපත් වී සිටිනවා.