Thursday, April 25, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිකළ මහාපරිමාණ ඖෂධ ජාවරම්කරුට 30000ක දඩයක්!

චිරාන් ජීවන්ත ධර්මසේන




නෙත් එෆ් එම් රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින් ඉකුත්දා අනාවරණ කෙරුනු මහාපරිමාණ නිතිවිරෝධි ඖෂධ ජාවරම්කරුට මහර මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ රුපියල් 30,000ක දඩක් නියමකර තිබෙනවා. ඔහුට එරෙහිව නඩුව ගොනු කෙරුණේ චෝදනා දෙකක් යටතේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්. 

මෙම පුද්ගලයා ෆෙස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලබාගෙන නිති විරෝධී ඖෂධ ජාවාරම සිදුකරන බව නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණා. බැලූම්ගල කණ්ඩායම ලබාදුන් තොරතුරු අනුවයි  පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ වැටලීම සිදු කළේ. 

ශ‍්‍රී ලංකාවේ අලෙවි කිරීමට තහනම් නිති විරෝධී ඖෂධ විශාල ප‍්‍රමාණයක් හා ලිංගික උතේජන ඖෂධ රැසක්  එහිදී සොයා ගැණුනා. අදාල ඖෂධ තොග විනාශ කරන ලෙසද මහර මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (19) ලබාදුන් නියෝගයේ් සඳහන්.