Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම ලකුණු 124කට සීමා වෙයි (UPDATE)

සමන්ත කුමාර/ කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සියළු දෙනා දැවී රැස්කරගනු ලැබූවේ ලකුණු 124ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර, ලකුණු 214ක් ඉදිරියෙන් පසුවනවා.

---------------------------------------

දකුණු අප්‍රිකාව අසීරු තත්ත්වයක

21-07-2018 12:42

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (21)යි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම කි‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 19ක් ලබා අසීරු තත්ත්වයක පසුවුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 338ක්. ලකුණු 129 කට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුළු 09ක් දවා ගැනීමට කේ ඒ මහරාජ් සමත්වුණා.

මෙය ආසියානු කලාපයෙන් පිට කි‍්‍රඩකයකු  ආසියානු පිටියකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම වනවා. එමෙන්ම දකුණු අපි‍්‍රකාව වෙන්වෙන් පන්දු යවන්නනෙකු වාර්තා කළ දෙවන හොඳම පන්දු යැවිමද මෙයයි.

------------------------------------

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.

------------------------------------------

වාර්තා පොත අලුත් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සටන අද ඇරඹෙයි

20-07-2018 08:36

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේදී අද (20) ආරම්භ වනවා. පළමු තරගයෙන් ජය හිමිකර ගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. එ් අනුව මෙම තරගාවලිය 1ට 0ක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා. 

කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග ගණන 41ක්. ශී‍්‍ර ලංකාව ඒවායෙන් 19ක් ජයග‍්‍රහණය කර තිබෙනවා. එස් එස් සී ක‍්‍රීඩාංගණයේදී ශී‍්‍ර ලංකාව පරාජය වී ඇති තරග ගණන 8ක්. තරග 14ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. 

දකුණු අපිි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 2ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. එක් තරයක් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජයගත් අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වි තිබෙනවා.

අද තරගයේදී කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණය ආසියාවේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණය ලෙස වාර්තා පොත්වලට එක්වීමට ද නියමිතයි. මේ වනවිට ආසියාවේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණ වූයේ කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් සහ කරච්චි නුවර ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයයි. ඒවායේ ටෙස්ට් තරග 41ක බැගින් පවත්වා තිබෙනවා.

ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණය වන්නේ ලන්ඩන් නුවර ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයයි. එම කී‍්‍රඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 136ක්.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ට අද ආරම්භ වන තරගයට සහභාගී වන්නේ සිය  ටෙස්ට් ලකුණු 5000 සම්පූර්ණ කිරීමට තවත් ලකුණු 08ක් පමණක් ඉතිරිව තිබියදී. එයද මෙම තරගයේ විශේෂත්වයක් වනවා.