Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති ෆොන්සේකාට මර්වින් සිල්වාගේ අප්‍රසාදය

පසන් වික්‍රමතිලක




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් බේරා ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් කළ අනාවරණයක් සම්බන්ධයෙන් අමාතය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා දක්වන ප‍්‍රතිචාරවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප‍්‍රසාදය පළ කරනවා. ඔහු ඒ පිළිබඳ කරුණු දක්වා ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කළ හ`ඩ පටයකින්. 

අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නෙත් එෆ් එම් රේඩියෝවට, නෙත් නිවුස් සහ නෙත් නිවුස් මාධ්‍යවේදීන්ට පෞද්ගලිකව කරන චෝදනා සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප‍්‍රසාදය පළ කර තිබෙනවා. 

නෙත් නිවුස් ඉකුත්දා පළ කළ අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රශ්නගත අමාත්‍යවරයා සිය පෞද්ගලික ආරක්ෂකයින් ලෙස පාතාලයට සම්බන්ධතා ඇති පුද්ගලයින් ද සේවයට යොදවාගෙන සිටින බවයි.