Wednesday, April 24, 2024

General line - 0115112241

අහිංසකයින් 3ක් මරා දැමූ පාතාල කෙරුමාට මරණ දඬුවම




වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චොදනාවට වරදකරු වූ මොහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැති පාතාල කල්ලි සාමාජිකයාට කොළඹ මහාධිකරණය අද (20)  මරණීය දණ්ඩනය නියම කළා.

2006 වසරේ නොවැම්බර් 2 වැනි දින ටී.56 ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර අවුරුදු 17, 18 සහ 19 වයසැති තරුණයින් තිදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඝාතනය කර තිබුණි .

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කිසිදු සිද්ධියකට සම්බන්ධ නැති වෙනත් තරුණයින් තිදෙනෙකු බවට සාක්ෂි වලින් අනාවරණය විය.

දෙවැනි සැකකරුට ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේස්ද්‍රන් නියෝග කළා.