Tuesday, April 23, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමති විවෘත කළ ගොඩනැගිල්ල දවස් 10න් ඉරිතලයි

දිනසේන රතුගමගේ




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින් විවෘත කෙරුණු ගොඩනැගිල්ලක් විවෘත කර දින 10ක්වත් ගතවීමට පෙර ඉරිතලා තිබෙනවා. මෙලෙස ඉරිතලා ඇත්තේ ආබාධිත තැනැත්තන්ගේ මධ්‍යස්ථානය වෙනුවෙන් කිලිනොච්චියේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලක්. ඉකුත් 12 වනදා විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා. මේ වනවිට එහි ස්ථාන 64ක ඉරි තැලීම් සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් ලක්ෂ 48ක් වැය කර තිබුණා. ටෙන්ඩර් පටිපාටිය යටතේ ඉදිකිරීම් සිදු කර ඇත්තේ ලියාපදිංචි කොන්ත‍්‍රාත්කරුවෙකු විසින්.