Saturday, April 20, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසුකරයි

දිනුක් හේවාවිතාරණ / සමන්ත කුමාර




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වලදී ලකුණු 5000 සීමාව පසු කිරීමට මිට නොබෝ වෙලාවකට පෙර සමත් වුනා. ඒ  දකුණු අප්‍රිකාව සමග කොළඹ SSC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කරමින් ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වූ අතර එහිදී ඔහු ශතක 08 ක් හා අර්ධ ශතක 28ක් වාර්තා කර තිබෙනවා. ඔහු ඉණිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 160 ක් වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකල 9 වන පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්.