Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය ගැන අදත් ප‍්‍රශ්ණයක්

සජිත් තිලකරත්න




ඝණ පූර්ණය නොමැති වීමෙන් අද (20) දිනයේද පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කිරීමට සිදුවුණා. සභාවේ ඝණ පූර්ණය නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි පෙන්වා දීමත් සමග පස්වරු 02:15ට පමණ එලෙස සීනුව නාද කෙරුණු බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.  

එම අවස්ථාවේ මුලසුන ගෙන සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකයි. කෙසේවෙතත් සීනුව නාද වනවාත් සමග පිටත සිටි මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සභාවට පැමිණීම හේතුවෙන් අවශ්‍ය මන්තී‍්‍රවරුන් ගණන සම්පූර්ණ වීමත් සමග සභාවේ කටයුතු යළි ආරම්භ කෙරුණා. ඊයේ දිනයේද ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවුණා.