Friday, April 26, 2024

General line - 0115112241

දකුණු කොරියානු හිටපු ජනපතිනියගේ සිර දඬුවම දීර්ඝ වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිර දඬුවම් විඳිමන් සිටින දකුණු කොරියානු හිටපු ජනාධිපතිනී පාක් ගියුන් හයිට එරෙහිව එරට අධිකරණය මගින් අද තවත් වසර 08ක සිර දඬුවමක් නියම කළා. ඒ ඇයට එරෙහිව එල්ල වී ඇති එරට රහස් ඔත්තු ඒජන්සියෙන් නීති විරෝධී ලෙස අරමුදල් ලබා ගැනීම සහ මැතිවරණ කටයුතු සඳහා අතපෙවීම යන චෝදනාවන්ට අදාළව ඇය වරදකාරිය වීම හමුවේයි.

බලය අනිසි ලෙස භාවිතා කිරිම හා මූල්‍ය දුෂණයන්ට අදාළව පාක් ගියුන් හයි මේවනවිටත් වසර 24ක සිර දඬුවමකට යටත්ව සිටිනවා. එල්ල වී තිබූ චෝදනා හමුවේ ඇයව ධූරයෙන් නෙරපනු ලැබුවේ ඉකුත් 2017 වසරේදීයි.