Friday, March 29, 2024

General line - 0115112241

වෘත්තීය විෂයන් නිසා අධ්‍යාපන කේෂ්ත්‍රයට යහපතක් සිදුවුනා - අගමැති




මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා වෘත්තීය විෂයන් උගන්වන ගුරුවරුන් බඳවා ගැනීමෙන් වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ රජයේ වැඩපිළිවෙල යථාර්ථයක් වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද (20) පැවැති ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීමෙන් පසුව මහා මාර්ග වල කාලය ගෙවා දමනවාට වඩා වෘත්තීය විෂයක් හැදෑරීමෙන් තම අනාගතය සාර්ථක කර ගැනීමේ අවස්ථාව රටේ තරුණ පරපුරට උදා කර දීම සිය රජයේ අරමුණ බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

රටේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය වෙනුවෙන් නව නීති සකස් කරමින් අධ්‍යාපන ප‍්‍රමිති පනත ඉදිරියේදී ගෙන එන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.