Saturday, May 11, 2024

General line - 0115112241

හදිසි නඩත්තුවක් නිසා කොළඹ නගරයේ දින 07ක විදුලි කප්පාදුවක්




මේ මස 27 දින සිදුකිරීමට නියමිත මෙම පද්ධති වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් මෙම මස 27 වනදා පෙ.ව.09.00 සිට ප.ව. 03.00  කොළඹ නගරයේ ස්ථාන කිහිපයකවිදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටී.

ඒ අනුව මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා කොළඹ 03, කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 යන ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කරන බවයි විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ, මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබීම හේතුවෙන්.

ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජූලි මස 25 දින සිට 31 දින දක්වා ඇතැම්විට අදාළ ප‍්‍රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.