Tuesday, April 23, 2024

General line - 0115112241

ආනයන හා අපනයන පාලකවරයෙකු අල්ලස් දැලේ

සමන්ත කුමාර




රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගනිද්දි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, තලවතුගොඩ ප‍්‍රදේශයේදීයි. වැලිගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් සැකකරු එම මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනුණු බවයි අල්ලස් කොමිසමේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.