Saturday, April 20, 2024

General line - 0115112241

ලක්ෂ 96ක "අයිස්" ගුවන්තොටේදී අල්ලයි




අයිස් නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 806ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින්. බැංගලෝරයේ සිට මෙරටට පැමිණ ඇති මෙම සැකකරු 50හැවිරිදි වියේ පසුවන අයෙකු බයි පොලීසිය  

පැවසුවේ. ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට තැත් කර තිබෙනවා. සොයා ගැනුනු මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 96ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.