Friday, April 19, 2024

General line - 0115112241

මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරජය වෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ ඉන්දීය රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජයට පත්වුණා. විශ්වාසභංගය සඳහා ඊයේ (20) ඉන්දිය ලොක් සභාවේ පැවැති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 325ක් ප‍්‍රකාශ වුණා. පක්ෂය ප‍්‍රකාශ වී තිබුණේ ඡන්ද 126ක් පමණයි.

ඒ අනුව විශ්වාසභංගය පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 199කින්. වසර 15කට පමණ පසුව ඉන්දීය රජයකට එරෙහිව ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාවද මෙය වනවා. පැය 12කට අධික කාලයක් විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වුණා.