Friday, March 29, 2024

General line - 0115112241

ගිලන් රථ බෙදන්න ගිය ඇමති හදිසි අනතුරුවලින් මියයාමට ප්‍රධාන හේතුව කියයි

හරිත පෙරේරා




හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයන් මියයාමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ එම පුද්ගලයන් රෝහල් ගත කිරීමට සිදුවන ප‍්‍රමාදය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔස්ටි‍්‍රයානු රජයේ පොලී රහිත ණය ආධාර යටතේ මෙරටට ලබා දීමට නියමිත අංග සම්පූර්ණ ගිලන්රථ සියයේ පළමු ගිලන්රථ 20 ලබා දීමේ උත්සවයකට ඊයේ (20) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉන්දියානු ආධාර යටතේ ආරම්භ කෙරූණු ‘‘සුව සැරිය’’ ගිලන් රථ සේවාව සම්බන්ධයෙන්ද අදහස් පළකළ අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියානු ගිලන් රථ සේවාව අරඹද්දි ඇතැමුන් ඒවාට ගල් ගසන ලෙස පැවසූ බවය. 

ඉදිරියේදී නවීනතම සෞඛ්‍ය පහසුකම් සහිත ගිලන් රථ 24ක් ගෙන්වීමට නියමිත බවද ඔහු පැවසුවා.