Friday, March 29, 2024

General line - 0115112241

ගුවන් තොටේ පානීය ජල බඳුනක් පිටුපස සඟවා තිබූ මල්ලේ කෝටි දෙකක් වටිනා බඩු තොගයක්

දිල්ශාන් තුෂාර




රුපියල් කෝටි දෙකකට ආසන්න රන් බිස්කට් 28ක් කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස සඟවා තිබූ පාර්සලයක තිබී මෙම රන් බිස්කට් සොයා ගෙන ඇති බවයි.

ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු විසින් එම පාර්සලය නිරීක්ෂණය කර රේගුව වෙත භාර දී ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. එම රන් බිස්කට් දුම් වැටි අසුරණ තුළ බහා එම පාර්සලයේ අසුරා තිබූ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.