Friday, April 26, 2024

General line - 0115112241

එජාප මහ ලේකම් සිරිකොත ගමට ගෙනයයි (PHOTOS)




සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (21) ආරම්භ කළා. මෙහි සමාරම්භක අද (21) කුරුණෑගලින් ආරම්භ වුණා

දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාව අද සිට ආරම්භ වන අතර මේ සඳහා අදාළ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද පළාත් පාලන නියෝජිතවරුන් සහ දිස්ත්‍රික් සහ ආසන සංවිධාකයින් සහ කළමනාකරුවන් ද සහභාගි වනවා .

මෙම හමුවීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා පක්ෂ සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදු කෙරෙනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට ද අපේක්ෂිතයි.