Friday, March 29, 2024

General line - 0115112241

කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා - ජනපති

සමන්ත කුමාර / කසුන් කැළුම්




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය පිළිබදව නීති, බන්ධනාගාර සහ අධිකරණය යන අදාළ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එම සාකච්ඡාව ලබන අගහරුවාදා පැවැත්වෙන අතර එහිදී සියළු ක්‍ෂේත‍්‍ර නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.  

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කුමන විරෝධතා පැමිණියත් ,මත්ද්‍රවය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.