Thursday, April 25, 2024

General line - 0115112241

චෝදනාවක් පමණක් පදනම් කරගෙන ෆේස්බුක් සමාගම වෙනත් සමාගමක කටයුතු අත්හිටුවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ෆේස්බුක් ආයතනය විසින් අමෙරිකානු දත්ත විශ්ලේෂණ සමාගමක කටයුතු අත්හිටුවා තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ෆේස් බුක් ගිණුම් හිමියන්ගේ දත්ත පරිශීලනය හා එක් රැස් කිරීම යන චෝදනාවන් යටතේ අදාළ සමාගම හරහා සිදු කරන සියලූ කටයුතු අත්හිටුවීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බවයි.

එහෙත් අදාළ සමාගමට එරෙහිව එල්ල වන චෝදනා ඔප්පු කිරීමට මෙතෙක් කිසිඳු සාක්ෂියක් නොමැති බවද ෆේස්බුක් සමාගම පවසනවා. ඒ අනුව අදාළ සමාගමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන බැවින් ඒ වනතෙක් අදාළ සමාගම සමග සිදු කරන සියලූ කටයුතු අත්හිටුවීමටයි ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත්තේ. 

ෆේස්බුක් ආයතය විසින් චෝදනා එල්ල කරන ලද එම දත්ත විශේලේෂක සමාගම ලොව පුරා රටවලට අයත් රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කරන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කරන බවට එල්ල වන චෝදනා අදාළ අමෙරිකානු දත්ත විශ්ලේෂණ සමාගම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.