Saturday, April 20, 2024

General line - 0115112241

නීතිවිරෝධී පොලිතීන් අහාර දවටන නිෂ්පාදනය කළ ආයතන 250කට නඩු

දිල්ශාන් තුෂාර




ලන්ච් ෂීට් ඇතුලූ නීතිවිරෝධී පොලිතීන් අහාර දවටන නිෂ්පාදනය කළ ආයතන 250කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න පැවසුවේ එවැනි ස්ථාන 3,000ක් පමණ ඉකුත් කාල සීමාවේදී පරික්ෂාවට ලක් කර ඇති බවයි.

ඉදිරියේදී සුළු පරිමාණ නිති විරෝධී පොලිතිීන් නිෂ්පාදකයන්ට එරෙහිවද නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද ප‍්‍රකාශ කෙරුණා.