Thursday, April 25, 2024

General line - 0115112241

ජපානය ගිණියම් වෙයි : පුද්ගලයින් 30 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයට බලපා තිබෙන අධික උෂ්ණත්වයෙන් යුත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 30 දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

ජපන් බලධාරීන් සදහන් කරන්නේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවූ රෝග හේතුවෙන් දහස්ගණන් ජනතව වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් කරා පැමිණි බවයි.

මධ්‍යම ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.7 ක් ලෙස වාර්තාවූ අතර එය පසුගිය වසර 05 ක කාලය තුලදී වාර්තාවූ ඉහලම අගයද වනවා.

මේ අතර භාහිර ක්‍රියාකාරකම්වල යෙදී සිටි 6 හැවිරිදි පාසල් දරුවෙක් අධික උෂ්ණත්වය හේතුවෙන් මිය යාමෙන් අනතුරුව පාසල් ළමුන්ව අධික උෂ්නත්වයෙන් ආරක්ෂා කරලීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට බලධාරීන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අධික උෂ්න්තාවයෙන් ආරක්ෂා වීම සදහා හැකිතරම් ජලය පානය කරන්නැයි එරට කාලගුණ විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.