Wednesday, April 24, 2024

General line - 0115112241

සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 44 ක අස්ථි කොටස් හමුවෙයි

මාධව කුලසුරිය




මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 44 ක අස්ථි කොටස් හමුවී තිබෙනවා.

පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පැවසුවේ අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරන බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප‍්‍රදේශයේ පස් ගොඩක තිබි ඉකුත් මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කළා.

මන්නාරම පොලිසිය ඒ පිළිබදව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අධිකරණයෙන් අවසර හිමි වුණා. පුරාවිද්‍යා, රජයේ රස පරීක්ෂක නිලධාරීන් මෙන්ම ,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීමෙන් එම සමූහ මිනිවළේ කැණීම් ආරම්භ වුණා. 

මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවී තිබුණා. එහිදිද මිනිස් සිරුරු 85 කට ආසන්න ප‍්‍රමාණයක අස්ථි කොටස් සොයා ගැණුනා.