Friday, April 26, 2024

General line - 0115112241

පාතාලයේ "රත්නා" STF අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




මනුෂ්‍ය ඝාතනයන්, හෙරොයින් ජාවාරම් සහ කප්පම් ගැනීම් ආදියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන හෂාන් කුමාර හෙවත් " රත්නා" නැමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඒකල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටිනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක් සහ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 08ක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

මිට අමතරව කන්තලේ සේරුනුවර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.