Thursday, April 25, 2024

General line - 0115112241

වසර 12කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලබයි (UPDATE)

තරංග රුක්ෂාන්/කසුන් කැලුම්




වසර 12කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට අද (23) අවස්ථාව උදා වුණා. ඒ මෙම තරගාවලිය ද දෙකට බිංදුවක් ලෙස ජය ගනිමින්.

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන්ට අද (23) එනම් සිව්වන දිනයේ සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 290ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළට ලකුණු 199ක ජයක් හිමිවුණා.

පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 98කට කඩුලු 06ක් බිඳ හෙළුවා. 

 

--------------------------

ඉලක්කය හඹා යන දකුණු අප්‍රිකානුවන් අසරණ වෙයි  (UPDATE)

(22-07-2018 19:26)

 

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වන විට වැඩි වාසිය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (22) සමත්වුණා.

ඒ, ලකුණු 490ක ඉලක්කයක් හඹා යන දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ කඩුළු 05ක් ලකුණු 139ක් තුළ බිඳ හෙලමින්.

------------------------------

දකුණු අප්‍රිකානුවන් වාසනාව අරං ඇවිත් (UPDATE)

(22-07-2018 16:20)

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ලකුණු 490 ක ඉලක්කය හඹායාම සඳහා සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වනවිට පිටියට පිවිස සිටිනවා.

ආරම්භක පිතිකරුවන් යුගල දවා ගැනීම සඳහා අවස්ථා 03ක් ලැබුනද ශී‍්‍ර ලංකා පිළ අතින් එම අවස්ථා ගිලිහී ගියා. 

ඞීන් එල්ගා ලබා දුන් උඩපන්දුවක් එක් අවස්ථාවකදී ගිලිහී ගිය අතර දිල්රුවන් පෙරේරා යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදුනද එය නිපන්දුවක් ලෙසටයි විනිසුරු සංඥා කළේ.

පසුව රංගන හේරත්ගේ පන්දුවකට ඒඞ්න් මැක්රම් ලබා දුන් උඩපන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිලිහී ගියා.

එහෙත් මැක්රම්ගේ ඉනිම ලකුණු 14කට සීමා කිරීමට හේරත් ඉන් පසුව සමත්වුණා. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 03ක් දැවී ලකුණු 104ක්  ලබා සිටියා.

----------------------------

දැවැන්ත ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවයි (UPDATE)

(22-07-2018 14:08)

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ලකුණු 490 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිව තිබෙනවා.

දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 5 කට ලකුණු 275 ක් ලබා සිටියදී මීට නොබෝ වේලාවකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

දිමුත් කරුණාරත්න ලකුණු 85 යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71 ක් රැස් කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 338 ක්. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට රැස් කළේ ලකුණු 124 ක් පමණයි.

කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි.

-----------------------------------

දකුණු අපි‍්‍රකාවට දැවැන්ත ඉලක්කයක් හිමිවන ලකුණු

(22-07-2018 13:11)

 

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී සිටිනවා. ඒ, කඩුළු 6 ක් අතැතිව ලකුණු 451 ක් ඉදිරියෙන් සිටිමින්. දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුළු 4 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 338 ක් රැුස් කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව රැුස් කළේ ලකුණු 124 ක් පමණයි. දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 85 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 29 වන අර්ධ ශතකය වාර්තා කිරීමට අද (22) සමත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙන මැතිව්ස් රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 53 ක්. රොෂේන් සිල්වා නොදැවී ලකුණු 19 ක් ලබා සිටිනවා. කොළඹ එස් එස් සී කි‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි.