Thursday, March 28, 2024

General line - 0115112241

විභාගය කල් දාන්නලු




අධ්‍යාපන සේවාවන්වලට දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත නීත්‍යානුකූල නොවන ලෙස පත්වීම් ලබාදීමට එරෙහිව ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල සියලූම නිලධාරීන් ඒකාබද්ධව 2018 ජූලි 26 දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

මෙම වැඩවර්ජනය පැවැත්වෙන 2018 ජූලි 26 දින පාසල් වාර විභාග පැවැත්වෙන දිනයක් බැවින් එදිනට නියමිත විභාගය වෙනත් දිනයකට යෙදීමට අවශ්‍ය කටයුතු යොදන මෙන් සියලූම පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව විසින් මේ වන විට ඉල්ලීමක් කර තිබෙනවා.

මෙදින විභාගය පැවැත්වීමෙන් සිසුන් අපහසුතාවයට පත්වන අතර, විභාග කටයුතු අක‍්‍රමවත් වීම වැලැක්විය නොහැකි වනු ඇති බවයි  අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පෙන්වා දෙන්නේ. මේ තත්වය මත එදිනට නියමිත විභාගය කල් දමන ලෙස අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව ඉල්ලා සිටිනවා. 

මේ වන විට මෙම වර්ජනය සම්බන්ධයෙන් පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා පති‍්‍රකා බෙදීමේ කි‍්‍රයාමාර්ගයක් ද ආරම්භ කර ඇති අතර, 2018 ජූලි 23 දින පෙ.ව. 6.30 සිට මරදාන දුම්රියපළ අසල පති‍්‍රකා බෙදීම සිදු කරනු ලබන අතර, දිවයින පුරා සෑම ප‍්‍රදේශයකම දෙමාපියන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් තිබෙන බවද එම එකමුතුව පවසනවා. 

අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පහත සඳහන් සංගම් නියෝජනය කරනවා.

1. ප‍්‍රභාත් විතානගේ - ලේකම් - ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය
2. ඩබ්ලිව්. කරුණානායක - උප සභාපති - සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය
3. ජෝසප් ස්ටාලින් - ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය
4. මහින්ද ජයසිංහ - ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සේවා සංගමය
5. වසන්තා හඳපාන්ගොඩ - ශී‍්‍ර ලංකා පොදු ජන ගුරු සංගමය
6. පූජ්‍ය යල්වෙල පඤ්ඥාසේකර හිමි - ලේකම් - සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
7. ජගත් ආනන්ද සිල්වා - ලේකම් - ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
8. මොහාන් පරාක‍්‍රම වීරසිංහ - සභාපති - ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
9. එස්.යූ. කාරියවසම් - ලේකම් - ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය
10. ඞී.එම්. දිසානායක - ලේකම් - සමස්ත ලංකා විදුහල්පති සංගමය
11. ඩබ්ලිව්.ඞී. දයාරත්න - ලේකම් - පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය