Tuesday, April 23, 2024

General line - 0115112241

අද තරගයේ ඉතිහාසයට එක් වූ අවස්ථාව මෙන්න

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ලකුණු 490 ක ඉලක්කය හඹා යන සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට අද (22) දිනයේ වාසනාවන්ත අවස්ථා කිහිපයක් හිමිවන අයුරු දැකගත හැකි වුණා. 

ඞීන් එල්ගා ලබා දුන් උඩපන්දුවක් එක් අවස්ථාවකදී ගිලිහී ගිය අතර දිල්රුවන් පෙරේරා යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදුනද එය නිපන්දුවක් ලෙසටයි විනිසුරු සංඥා කළේ. රංගන හේරත්ගේ පන්දුවකට ඞීන් එල්ගා ලබා දුන් උඩ පන්දුවක් දිල්රුවන් පෙරේරා අතින් ගිලිහී ගියා. 

අනතුරුව දිල්රුවන් යැවූ පන්දුවකට කඩුළු රකින කි‍්‍රඩක නිරෝෂන් දික්වැල්ලට උඩ පන්දුවක් දී ඞීන් එල්ගා දැවී ගියද එම පන්දුවද නිපන්දුවක් ලෙස සංඥා කළා. තුන්වන විනිසුරුගේ එම තීරණය පැමිණෙන විට ඞීන් එල්ගා පිටියෙන් ඉවත් වී කී‍්‍රඩාගාරයට ගොස් සිටියා. පන්දුවට පහර දීම සඳහා හෂීම් අම්ලා ඒ වනවිටත් පිටියට පිවිස සිටි නමුත් පිටියේ විනිසුරු ඔහු ආපසු හරවා යවා යළිත් වරක් ඞීන් එල්ගා පිටියට කැඳවූවා. 

මීට පෙර පැවැති නීතියට අනුව කිසියම් පිතිකරුවෙකු කි‍්‍රඩා පිටියෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහුට යළි පිටියට පිවිසීමට අවස්ථාවක් හිමිවූයේ නැහැ. ඔහු දැවී ගිය කි‍්‍රඩකයෙකු ලෙසටයි එවිට සංඥා කෙරුණේ.

එහෙත් මේ වසර මුලදී එම තීරණය අවලංගු කෙරුණු අතර කී‍්‍රඩාගාරයට ගොස් සිටියදී යළි පිටියට කැඳවූ පළමු කි‍්‍රඩකයා ලෙස ඩින් එල්ගා අද ඉතිහාසයට එක්වුණා. එහෙත් ඉන් පන්දුවාර 08කට පසු ඞීන් එල්ගා දවා ගැනීමට සමත්වූයේද දිල්රුවන් පෙරේරා විසින්. වාසනාව සහ අවාසනාව දෝලනය වූ අවස්ථා රැසක හිමිකරුවා වූ දිල්රුවන් පෙරේරාගේ 36 වන උපන්දිනය ද අදයි.