Thursday, April 25, 2024

General line - 0115112241

හමුදා කඳවුරු සහ LTTEය ගැන අගමැති කතා කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යාපනයේදීම අදහස් පළ කළා.

එහිදී සඳහන් කෙරුණේ "මෙහෙම කරන්න දැනට අදහසක් නෑ..ඒත් රටේ තත්ත්වය දියුණු වෙන්න වෙන්න හමුදාවත් ටිකෙන් ටික පිටවෙනවා." යනුවෙනි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඉකුත් සමයේ මතුවූ අදහස් පිළිබඳ යාපනයේ පැවැති තවත් උත්සවයකදී අග‍්‍රාමාත්‍යවරයා අද අදහස් පළ කළා. එහිදි සඳහන් කෙරුණේ සියලු ජාතීන් එකතු වී මෙම ගමන යා යුතු බවයි. එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි නොපැමිණෙන බවද සඳහන් කළා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඉකුත් දා මතභේදාත්මක ප‍්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ද සහභාගී වී සිටි උත්සවයකදීයි. 

‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ වැඩසටහනේ යාපනය දිස්ති‍්‍රක් ආරම්භක වැඩසටහන වෙනුවෙන් එය සංවිධාන කර තිබුණා.