Saturday, April 20, 2024

General line - 0115112241

සුරංග ලක්මාල් පන්දු යවන්නෙ නැති හේතුව මැතිව්ස් කියයි




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය ඊයේ (22) නිමා වන විට ලකුණු 490ක ඉලක්කයක් හඹා යන දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ කඩුළු 05ක් ලකුණු 139ක් තුළ බිඳ වැටී තිබුණා.

ඒ අනුව තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී සිටිනවා.

ඊයේ දිනට තරගය නතර කිරීමෙන් අනතුරුව ක්‍රීඩා මාධ්‍ය හමුවට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙලෙස අදහස් පළ කළා.

එහිදී , "මට ගිය මාස 06දී ගොඩක් ක්‍රීඩා කරන්න බැරි වුණා. දැන් මම යම්කිසි රිද්මයකට ඇවිත් තිබෙනවා. ඒ ගැන සතුටු වෙනවා. සුරංග ලක්මාල් ඉතාමත් හොඳට මෙම තරගවලදී කණ්ඩායම මෙහෙයුවා.  මෙම තණතීරුව වේගපන්දු යවන්නන්ට එතරම් යෝග්‍ය නෑ.. ඒ නිසා සුරංග පන්දු යවන්නේ නෑ.. දඟ පන්දු යවන්නන්ට ඒ අවස්ථාව දීලා තියෙනවා. ඔහුට පන්දු යවන්න බැරි නෑ.. නමුත් වඩාත් යෝග්‍ය දඟ පන්දු යවන්නන්ට.. ඒ නිසා සුරංග ගොඩක් වෙලාවට බෝල් කරන්නේ නෑ." යනුවෙන් සඳහන් කළා.