Thursday, April 18, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් සමග ලංකා බැංකුව අත්වැල් බැඳ ගනී

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන සමග ලංකා බැංකුව අත්වැල් බැඳ ගත්තා.

මෙම වැඩසටහන සංවිධාන කරන්නේ පාසල් සිසු දරු දැරියන්ගේ නායකත්ව ගුණාංග සහ පෞරුෂය සංවර්ධනය වෙනුවෙන්.

දරු දැරියන්ට අමතරව දෙමාපියන් සහ ගුරුවරුන් උදෙසාද මෙහිදී දේශන සහ කි‍්‍රයාකාරකම් සිදු කෙරෙනවා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සඳහා අත්වැල් බැඳ ගැනීමට හේතු මොනවාදැයි ලංකා බැංකුවේ සහකාර මහ කළමනාකරු පි‍්‍රයාල් සිල්වා මෙලෙස පැහැදිළි කළා.

"අපි මේ වැඩසටහන නිරීක්ෂණය කළා. ඒකෙදි අපි දැක්කා.. දරුවන්ගේ ‍පෞරුෂය සංවර්ධනය මේ තුළින් සිදු වෙනවයි කියලා. අධ්‍යාපනයට අමතරව මෙම ක්‍රියාවලිය වැදගත්. රටේ ප්‍රධාන බැංකුව ලෙස අපි මේ වැඩසටහන සමග එකතු වෙන්න හිතුවේ ඒ නිසයි."

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ මීළඟ අදියර උඩවලව මහා විද්‍යාලයේදී ලබන 26වැනිදා ආරම්භ වනවා.