Saturday, April 20, 2024

General line - 0115112241

ඉතිහාස වාර්තා බිඳිමින් පකිස්ථාන ක්‍රීඩකයා ඉදිරියට එයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පකිස්තාන කි‍්‍රකට් කි‍්‍රඩක ෆාකර් සමාන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා.

ඒ, අඩුම තරග සංඛ්‍යාවකින් එක් දින ලකුණු දහසේ සීමාව පසු කළ ලොව පළමු කි‍්‍රඩකයා බවට පත්වෙමින්.

ඔහු මෙම ලෝක වාර්තාව බිහි කර ඇත්තේ එක් දින තරග 18කදී වීම විශේෂත්වයක්. පළමු වරට එම ලෝක වාර්තාව බිහිකළේ තරග 21කින් ලකුණූ දහසේ සීමාව පසුකළ බටහිර ඉන්දීය කොදෙව් හි සුපිරි පිතිකරු ශි‍්‍රමත් විවියන් රිචඞ්.

පසුව එංගලන්තයේ කෙවින් පිටර්සන් මෙන්ම ජොනතන් ට්‍රොට් සහ දකුණු අපි‍්‍රකාවේ ක්වින්ටන් ඩි කොක් මෙන්ම පකිස්තානයේ බාබර් අසාම් ද එම ලෝක වාර්තාව සම කළා.

පකිස්තානයේ ෆාකර් සමාන් අවසන් ඉනිම් පහේදී ලකුණු 515ක් රැස් කර තිබීමද විශේෂත්වයක්. එය තරගාවලියකදී පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.