Thursday, April 18, 2024

General line - 0115112241

ප්‍රධාන පෙළේ 23කගේ දේපළ රාජසන්තක කිරීමට රජයේ අවධානය




ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකුගේ දේපල රාජසන්තක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ඊයේ (23) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

මත් උවදුර මැඩලීම සඳහා පොලිසිය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

මෙම වැඩසටහන සඳහා මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරී අසිත දර්ශන ද එක්වුණා. 

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)