Wednesday, April 24, 2024

General line - 0115112241

බිලියන 12.5 ක් වටිනා දම්රෝ මෙගා සාප්පු සංකීර්ණය විවෘත කෙරේ (PHOTOS)




දම්රෝ සමුහ ව්‍යාපාරය විසින් රුපියල් බිලියන 12.5ක ආයෝජනයක් සමගින් නව මෙගා සාප්පු සංකීර්ණයක් ඊයේ (30) දින පාරිභෝගිකයින් සදහා විවෘත කරනු ලැබුවා. 

ඒ කොළඹ 03, මැරීන් ඩ්රයිව් මාර්ගයයේ පිහිටා ඇති වර්ග අඩි 150,000 ක විශාලත්වයකින් යුත් මෙම නව මෙගා සාප්පු සංකීර්ණය නම් කර ඇත්තේ "Marino Mall" යනුවෙන් නම් කර තිබේ.

ලොව නන් දෙසින් ජනප්‍රිය ආහාර වර්ග සහ වර්චුවල් තාක්ෂණයෙන් යුත් ක්‍රීඩා තරග සහ ලොව සුපිරිතම 9D සිනමා ශාලාවක්ද මෙම "Marino Mall" හි පිහිටා තිබෙනවා.

මෙම සාප්පු සංකීර්ණයේ තෙමහල් දම්රෝ ප්‍රදර්ශනාගාරයක් සහ ලොව උසස් ඝනයේ නිමි ඇදුම් ද මෙහිදී මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ලබාදී තිබෙනවා.

මිට අමතරව රටේ පිළිගත් සමාගම් සදහා සිය කාර්යාල පහසුකම් සැපයීමට සාප්පු සංකීර්ණයක් වෙන් කිරීමට දම්රෝ සමාගම තීරණය කර ඇති අතර මේ වන විට මෙරට ජනප්‍රිය සමාගම් කිහිපයක්ම සිය කාර්යාලයන් වෙන් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඉතා නුදුරේදීම "Marino Mall" සාප්පු සංකීර්ණය අලංකාර කාමර 300 කින් සමන්විත මරිනා බිචි හෝටලය සමග එක්වීමට නියමිතයි.