Thursday, April 25, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතු බව රතන හිමි කියයි



වත්මන් කැබිනට් මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවකදී ග්ලයිෆොසෙට් තහනම් වන බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

තමාගේ ඉදිරි දේශපාලන සැලසුම් සහ ඉන් ජනතාවට අත්වන ප‍්‍රතිලාභ පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී පැහැදිලි කළා. 

එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.
 

---------------------------------

කැබිනට් අනුමැතිය හිමි නොවූ ගිවිසුමක් ගැන රතන හිමි හෙළිකරයි

(02-08-2018 08:09)

 

ආන්දෝලනාත්මක සිංගප්පූරු ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ඒ, ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

මෙම ගිවිසුම සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ජනතාව හමුවේ තබන බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.