Tuesday, April 16, 2024

General line - 0115112241

පිළිකාවට පරාජය නොවූ සොදුරු කැමරාකරු (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පිළිකා තත්ත්වයක් හේතුවෙන් හිරු එළියට නිරාවරණය නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබූ වනජීවී ජයාරූප ශිල්පියෙක් විසින් මෝටර් රථය තුල හිදිමින් ගනු ලැබූ ජයාරූප පිළිබඳව මේ වන විට ලොව පුරා අවධානය යොමුවී තිබෙනවා.

50 හැවිරිදි ස්කොට් විල්සන් නම් මෙම ජයාරූප ශිල්පිය සිය බඩවැලේ හටගෙන තිබෙන පිළිකාවක් හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුව හිරු එලියට නිරාවරණය වුවහොත් ඇතිවිය හැකි සංකුලතාවයන් ගැන සලකා බලා ඒ අනුව කටයුතු කරන්නැයි වෛද්‍යවරුන් ඔහුට උපදෙස් ලබාදී තිබෙනවා.

ස්කොට් විල්සන් සිය වෘත්තීය අත්හැරීමට ඇති අකමැත්ත හේතුවෙන්ම සිය මෝටර් රථයෙන් ගමන් කළ හැකි සීමාව තුල හිදිමින් සිය කැමරා කාචයේ සටහන් කර ගත් ජයාරූප කිහිපයක් පහතින්.