Thursday, April 25, 2024

General line - 0115112241

විකල්ප ආදායම් ක‍්‍රම සොයා ගැනීමට රජය උනන්දු විය යුතුයි



රට තුළම රැඳී සිට රට වෙනුවෙන් සේවය කරන්නැයි වෘත්තිකයින්ට ආරාධනා කෙරුණද ඒ සඳහා සුදුසු පරිසරයක් රට තුළ තවමත් නිර්මාණය කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අලුතෙන් හඳුන්වා දුන් බදු ක‍්‍රමයෙන් ද සිදුව ඇත්තේ වෘත්තිකයින් තවදුරටත් පීඩාවට හෙළීමක් බවයි එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ධනුෂ්ක දේවප‍්‍රිය පෙන්වා දෙන්නේ.

බදු ක‍්‍රමයේදී වෘත්තිකයින් සහ ව්‍යාපාරිකයින් වෙන වෙනම කාණ්ඩ 02ක් ලෙස සැලකිය යුතු බවද ඔහු යෝජනා කරනවා. 

මෙම අදහස් පළ කෙරුණේ ඊයේ (07) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි. 

මූලික වැටුප මෙන්ම විවිධ දීමනා ද බදු ගණනයේදී සැලකිල්ලට ගැනීමද මෙහිදී විවේචනයට ලක් කෙරුණා. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ බදු මතම යැපෙනවා වෙනුවට විකල්ප ආදායම් ක‍්‍රම සොයා ගැනීමට ද රජය උනන්දු විය යුතු බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.