Friday, April 26, 2024

General line - 0115112241

වාහන මත පැනවූ අතිරේක බද්ද ඉක්මනින්ම ඉවතට




අසීමිත ලෙස වාහන අලෙවිය හේතුවෙන් විදේශයන්ට මෙරටින් ඇදී යන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවලට විශේෂ බද්දක් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. 

මෙය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවයි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු  කියාසිටියේ.

එහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා "2015 වසරේ අපේ රජය බලයට පත්වෙලා අපි මේ මෝටර් රථ බදු ඉතාමත්ම අඩු තත්ත්වයකට පත් කළා. සාමාන්‍යයෙන් මෝටර් රථ 40000ක් හෝ ආසන්න ප්‍රමාණයක් තමයි වසරකදී ගේන්නේ...එක්ලක්ෂ 40000ක් 2015 වසරේ රටට අරගෙන ආවා. මෝටර් රථ ගේනවා කියන්නේ විදේශ විනිමය රටෙන් එළියට යනවා. දැන් මේ වසරේ මුල් කාර්තුවේ නැවතත් රටට දරා ගන්න බැරි තරමට මෝටර් රථ වෙනුවෙන් විදේශ විනිමය රටෙන් එළියට ගලා යන්න පටන් ගත්තා. මේ අතිරේක බදු පනවනු ලැබුවේ රටෙන් එළියට අසීමිත ලෙස ගලා යන විදේශ විනිමය පාලනය කිරීමට පමණයි. ඒ නිසා මේ කුඩා මෝටර් රථ මත පනවන අතිරේක බදු තාවකාලික පියවරක්. ඉක්මනින්ම මේ අතිරේක බද්ද රජය ඉවත් කිරීමට කටයුතු කරනවා." යනුවෙන් සඳහන් කළා.