Thursday, March 28, 2024

General line - 0115112241

කොටුව දුම්රිය පොළේ උණුසුම් තත්ත්වයක් - කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි (PHOTOS/ UPDATE)

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




කොටුව දුම්රියපොළෙහි සහ අවට දුමිරිය මගීන්ගේ විරෝධතා හේතුවෙන් වාහන ධාවනයද ඇණ හිට තිබෙනවා. මේ තත්ත්වය පාලනය සඳහා පොළිස් කැරළි මර්ධන කණ්ඩායම් කැඳවා තිබෙනවා.

කාර්යාල අවසන්ව දුම්රිය වෙත පැමිණි මගීන් දුම්රිය සේවකයින්ගේ වර්ජනයට විරෝධය පාමින් කොටුව දුම්රිය පොළෙහි හා දුම්රිය ස්ථානය ඉදිරියේ විරෝධතාවක නිරත වනවා.

මෙම විරෝධය පල කිරීම හේතුවෙන් වර්ජනයට සහභාගී නොවන දුම්රිය සේවකයින් හා මගීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබෙනවා. 

හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ගමන් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා හැකිතාක් ලංගම බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.