Friday, March 29, 2024

General line - 0115112241

අවසන් මොහොතේ ලංකාව ජය උදුරාගත් හැටි (VIDEO)




සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති හතරවන එක්දින තරගයෙන් ලකුණු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත්වුනා. 

තරගයේ ජය පරාජය තීරණය කෙරුනේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ලවුනා.

මේ හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 39 ක් ලබාදී තරගය ආරම්භ කිරීමටයි තීරණය කෙරුනේ.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 21 කදී ලකුණු 191 ක් ලබාගත යුතු බවට තීරණය කෙරුනා. 

කෙසේවෙතත් පන්දුවාර 21 අවසානයේ ඔවුන්ට ලබාගත හැකිවුයේ ලකුණු 187 ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී දකුණු අප්‍රිකානුවන්ගේ ජය ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් උදුරා ගනු ලැබුවා.

(තරගයේ වීඩියෝව පහතින් දැක්වෙයි)