Thursday, March 28, 2024

General line - 0115112241

විවේක ගන්න මත්තලට ආ යෝධ අමුත්තා (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




නවසිලන්ත ගුවන් හමුදාවට අයත් NEH 795 යුද ගුවන්යානාව ගුවන් භටයින් 15 දෙනෙකු සමග අද (09) පෙරවරු 11.32 කට මත්තල ගුවන්තොටුපොල වෙත පැමිණියා. ඉන්දුනීසියාවේ සුල්තානා අසිස් (Sultana Aziz ) ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි අල්මින් හට් ගුවන් තොටුපොල දක්වා ගමන් කරන අතරතුර කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ගුවන් යානාවට ඉන්ධන ලබා ගැනීමට මෙම ගුවන් යානාව මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩ බවස්වා තිබෙනවා.

මෙසේ පැමිණි ගුවන් භටයින් අද (09) දින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ විවේක ගෙන හෙට පෙරවරුවේ යලි ඩුබායි බල පිටත් වීමට නියමිත බව මත්තල ගුවන්තොටුපොල ආරංචි මාර්ග පැවසුවා.