Saturday, April 20, 2024

General line - 0115112241

ලින්ක් නැචුරල් - ක්‍රිස්ටල් සම්මානයෙන් පිදුම් ලබයි




ශී‍්‍ර ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරන විශිෂ්ඨතම කර්මාන්තකරුවන් ඇගයීමේ සම්මාන රාති‍්‍රය ඉකුත්දා කොළඹදී පැවැත්වුණා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම සම්මාන උළලේදී විශිෂ්ඨතම කර්මාන්ත ආයතනයට හිමි කි‍්‍රස්ටල් සම්මානයෙන් පිදුම් ලැබුවේ ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ස් සමාගමයි. 

මෙම ක්‍රිස්ටල් සම්මානය ආයතනයකට හිමිවන්නේ පිට පිටම වසර තුන්ක් රන් සම්මානයේ පිදුම් ලැබීමෙන් අනතුරුව බවයි ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ස් සමාගමේ සේවක සම්බන්ධතා සහ ආයතනික සම්බන්ධතා කළමණාකරු පි‍්‍රයන්ත කොළොන්නගේ පැවසුවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 10ට පිදෙන Top 10 සම්මානයෙන්ද තම සමාගම පිදුම් ලැබූ බව ඔහු පැවසුවා.