Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යාපාරිකයා පිට වෙන්න සූදානම් වෙද්දීම පිපිරීමට ගොදුරු වූ අයුරු CCTV කැමරාවල සටහන් වෙයි

පාලිත ආරියවංශ




බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළදසැල් දෙකක් ගිනිගෙන විනාශ වී එක් වෙළදසැල් හිමියෙක්ද මරණයට පත්වී ඇත්තේ ප්‍රබල පිපිරීමකින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (12) අලුයම මෙම අනතුර සිදුව තිබුණා.

මරණයට පත්වුයේ බදුල්ල හපුවත්ත පදිංචිව සිටි මුතු තන්ත්‍රිලාගේ සුමීර හේමන්ත කුරේ (46) නමැති දෙදරු පියෙක්.

මරණකරු තෙවතාවක් වෙළදසැලට යන අයුරුත් ඉන්පසු ඔහු වෙළදසැල ඉදිරියේ මාර්ගයේ නතර කිර තිබු යතුරුපැදියට නැගීමට සූදානම් වෙද්දීම පිපිරීම සිදුවි ඔහු ඊට ගොදුරු වන අයුරුත් ඒ සමගම විශාල ගින්නක් ඇති වන අයුරුත් අදාළ ව්‍යාපාරික ස්ථාන දෙකක සවිකර තිබු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙනවා.