Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති අද කැබිනට් තීරණ ගැන ඕනෑකමින් බලා සිටී




අද (14) පැවැත්වෙන කැබිනට් රැස්වීම පිළිබඳව ඉතා  ඕනෑකමින් බලා සිටන බව ඉකුත් දා වැඩවර්ජනයක යෙදුනු දුම්රිය වෘත්තීය සමිතිද පවසනවා.

වැඩවර්ජනයක යෙදෙමින් තමන් ඉදිරිපත් කළ ඉල්ලිම්වලට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යහපත් ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ පිළිබඳ කරුණු දැක්වුවා.

ඉල්ලීම දිනා ගැනීම සඳහා මගීන් පීඩාවට පත් කරන වැඩවර්ජන හැර විකල්ප කි‍්‍රයාමාර්ග නොමැතිදැයි ද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා. 

දුම්රිය එන්ජින් සහයක රියදුරු සංගමය නියෝජනය කරමින් ධනුෂ්ක පෙරේරාට ද ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම අන්ලිමිටඞ් වැඩසටහන සඳහා ඇරයුම් කර තිබුණා. එහෙත් ඔහු ඊට සහභාගී වුයේ නැහැ.

මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.