Friday, March 29, 2024

General line - 0115112241

දරුවන් 04ක් උස්සන් යන්න ආපු උකුස්සා (PHOTOS)




විශාල උකුස්සෙකු විසින් කුඩා දරුවන් සිව් දෙනෙකු පැහැරගෙන යෑමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

මෙහිදී තුවාල ලැබූ එක් දැරියක් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දී ඇති අතර ගම්වාසීන් විසින් අදාළ උකුස්සා අල්ලාගෙන තිබෙනවා.

අනුරාධපුර සුචරිතගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිව තිබෙන අතර එහිදී අල්ලා ගත් උකුස්සා වනජීවි කාර්යාලයට බාර දී තිබෙනවා.

උකුස්සාගේ ප්‍රහාරය නිසා තුවාල ලබා ඇත්තේ හත් හැවිරිදි දැරියක්. 

අඩි දෙකහමාරක් පමණ වැඩුණු උකුස්සා තටු විහිදූ විට අඩි පහක් පමණ දිගකින් යුක්ත වන අතර නිවාස අසළට පැමිණ මෙලෙස දරුවන් පැහැර ගැනීමට උත්සහ කර තිබෙනවා.

මෙම උකුස්සා එක් අවස්ථාවකදී අවුරුද්දක් පමණ වයසැති දරුවෙක් නිවස අසළ සිටියදී පැහැර ගැනීමට පැමිණ ඇති අතර එම උත්සහය අසාර්ථක වූ විට මිඳුලේ වැටී තිබූ බෝනික්කෙකු රැගෙන විශාල ගසක් මුදුණට පියාඹා තිබෙනවා.

ඒ අනුව ගම්වාසි තරුණයන් පිරිසක් උකුස්සා ගැවසුනු ස්ථාන කිහිපයක් නිරික්ෂනය කර අමු මස් කැබළි කිහිපයක් දමා උගුලක් අටවා උකුස්සාව ඊට කොටුකර අනුරාධපුර වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

වනජීවි නිලධාරීන් පවසා ඇත්තේ මෙම උකුස්සා සිළු බඹර උකුස්සා ලෙස හඳුන්වන බවයි.