Thursday, April 25, 2024

General line - 0115112241

ඉහළ කොත්මලේ ජලාශයේ තවත් වාන් දොරටු විවෘත විය හැකියි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද (15) අලුයම ස්වයංක‍්‍රීයව විවෘත වී තිබෙනවා.

ඒ සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තවදුරටත් වැසි ඇදහැළුණ හොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ද විවෘත විය හැකි බැවින් ජාලශය දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස විදුලිබල ඉංජිනේරුවරුන් දැනුම් දීමක් ද කර තිබෙනවා.

මේ අතර ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු 03ක් අද අලූයම සිට විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.