Tuesday, April 23, 2024

General line - 0115112241

ජනතා ආකර්ෂණය දිනා ගත් ඇතාට "රේවත" ගෙන් ප්‍රහාරයක් (PHOTOS)

කුෂාන් ජයවර්ධන




කලා වැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටින සංචාරක ආකර්ෂණය දිනාගත් ‘‘දීගදන්තු දෙක’’ හස්තියා තවත් ඇතෙකු සමග ඇති වූ ද්වන්ධ සටනකින් තුවාල ලබා තිබෙනවා.

කලා වැව ඇත් පංතියේ වෙසෙන ‘‘රේවත’’ නමැති ඇතාගෙන් එල්ල වූ දළ පහරකින් "දීගදන්තු දෙක" හස්තියා තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ඇතාගේ දකුණු කණ පසුපස විශාල ප‍්‍රමාණයේ තුවාලයක් හටගෙන ඇති අතර පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙනවා.