Saturday, April 20, 2024

General line - 0115112241

හැටන් බස්නැවතුම්පොළ අවධානමක (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් බස් නැවතුම්පොලට ඉහළින් වු කන්දක් නායයාමේ අවධානමට ලක් වි තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවතත් සමගම හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලට ඉහළින් වු කන්දක පස්, බස් නැවතුම්පොලට හා බස් නැවතුම්පොලේ මහජන වැසිකිළිය අසලට අද (15) මෙසේ කඩා වැටි තිබෙනවා.

පවතින වර්ෂාවත් සමගම තවදුරටත් එම කන්ද පහලට කඩා ඒමේ අවධානමක් පවතින බව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු පැවසිය. එම කන්දට ඉහලින් හැටන් ගාමිණිපුර ගම්මානයද පිහිටා ඇත. එම ගම්මානයේ වැසි ජලය එම කන්ද හරහා පහලට ගලා ඒම නිසා මෙම පස් කන්ද කඩා වැටිමේ අවධානමක් පවතින බවයි හැටන් බස් නැවතුම්පොලේ පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටියේ.