Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය ඇණ හිටී - විකල්ප මාර්ග මෙන්න (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




වටවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. 

අද (15) පස්වරු 3ට පමණ මෙම පස් කන්ද කඩා වැටි ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටි ඇත.

කඩා වැටුනු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන, දියගල නෝටන් බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයේ තව දුරටත් පස්කදු කඩා වැටිමේ අවධානමක් පවතින බවද වටවල පොලිසිය පවසනවා.