Friday, March 29, 2024

General line - 0115112241

හමුදා ට්‍රක් රථයට යටවී පස්දරු පියා මියයයි (PHOTOS)

දිනසේන රතුගමගේ




කිළිනොච්චියේදී යුද හමුදා ට්‍රක් රථයක අද (15) සවස යතුරු පැදියක් ගැටීම නිසා යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම මරුමුවට පත් වී තිබෙනවා. මෙම අනතුර සිදු ව ඇත්තේ කිළිනොච්චිය ඉරණමඩු මාර්ගයේදීය.

පොලීසිය හා මහජනතාව පැමිණ ට්‍රක් රථය යට සිරවී සිටි පුද්ගලයා ඉන් ඉවතට ගෙන ගෙන කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විට මියගොස් සිට ඇත. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය භාරතීපුරම් ගම්මානයේ පදිංචි පණස් එක් හැවිරිදි කේලකුගනේස්වරන්නැමති පස් දරු පියෙකි.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.