Tuesday, April 23, 2024

General line - 0115112241

කුඩා කල පටන් රට වෙනුවෙන් උපරිම දෙයක් කරන්න උත්සාහ කරන්න




රාජතන්ත‍්‍රිය හැකියාවක් තියෙන එ් වගේම මේ රටට බොහාම ආදරය කරන රට දියුණු වෙන්න  ඕනෙයි කියලා වැඩ කරන නායකයෙක් හැටියට වෛද්‍ය සමන් වීරසිංහ හඳුනාගත යුතුව ඇතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පැවැසුවා.

නැසී ගිය ඇලන් වීරසිංහ සහ සිරිසේන වීරසිංහ මව්පියන් සහ වෛද්‍ය ප‍්‍රියදර්ශනී වීරසිංහ සොහොයුරියට පිං පැමිණවීම මුල් කර ගනිමින් රුසියාවේ හිටපු ශ‍්‍රි ලංකා තානාපති ජාත්‍යන්තර සබඳතා පිළිබද ජනාධිපති උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ වාර්ෂිකව පවත්වන පිංකම් මාලාව කැලණියරජ මහ විහාරයයේදී පසුගිය 11 වැනිදා පැවැත්වූ අවස්ථාවට සහභාගී වෙමිනි.

උදෑසන හා දහවල් සංඝගත දක්ෂිණාවක් ශිෂ්‍යත්ව ප‍්‍රදාන වැඩසටහනක් සහ බෝධිපුජා පිංකම් මාලාවකින් සැදුම්ලත්  පිංකම් මාලාවේ ශ‍්‍රි කල්‍යාණි ධර්ම විද්‍යාලයීය දහම් පාසලේළමයින් 100 දෙනෙකුට පොත්පත් මිලදී ගැනීම සඳහා ත්‍යාග වවුචරද පිරිනැමුණා.


වෛද්‍ය සමන් වීරසිංහ සභාව අමතිමින් පැවසූවේ, "මම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා මගේ ජීවිතය සකස්කරගත්ත අයෙක්. බෞද්ධ ආගම සම්බන්ධ සමීපයක් මේ වගේ කුඩා කාලයේ දහම් පාසල් යාමෙන් මට ලැබුණු බව අද වගේ මතකයේ තියෙනවා. මම මහින්දෙ අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා යොමුවුණේ රුසියාවේ පළමු වෛද්‍ය විද්‍යාලයට. 

මට මේ දරුවන්ට දෙන්න තියෙන පණිවුඩය නම් මම කුඩා කාලයේ පටන් රට වෙනුවෙන් උපරිම දෙයක් කරන්න  උත්සාහකරන බව සිතේ තබාගත්ත අයෙක්. මම එදා හිතුවේ නෑ ලංකාව නියෝජනය කරන තානාපතිවරයෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් මම ජිවිතයේ හැම අවස්ථාවකම ප‍්‍රධාන කරුණු දෙකක් අඛණ්ඩව පවත්වාගෙන ඇවිත් තිබෙනවා. ඉන් පළමුවැන්න යම් ආකාරයක දෙයක් කෙනෙක්ට පොරොන්දු වුණොත් එ් දේ ඉෂ්ට කරන එක. දෙවැන්න විනයානුකූලව තමන්ගෙ දවසේ කටයුතු සකසුරුවන් කර ගෙන හැමදාම අලූත් දෙයක් කරා හඹා යාම. 

පහේ පන්තියේ ශිෂ්‍යත්වය පාස් වෙන එක ගැන මේ දරුවන් හිතන්න  ඕන හතර පන්තියෙදියි. එ් කියන්නෙ අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් තියලයි. එ් සදහා හඹා යන්න  ඕන. එ් විධියට තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතිව ශිෂ්‍යත්වයට මාසයක් තියා ලෑස්ති වුණොත් එ්ක වෙන්නෙ නැහැ." යනුවෙනි.